// paste in-between head tags // this to hide post title
Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

Tuesday, November 17, 2015

නොමිලේ payoneer international debit master කාඩ් එකක් ගන්නේ කොහොමද?

නොමිලේ  payoneer international debit  මාස්ටර් කාඩ් එකක් ලබා ගන්නා ආකාරය.

හැමෝටම සුභ දවසක්!.. 
මේ පහතින් කියලා තියෙන ඩෙබිට් කාඩ් එක ගන්න ඔයාලට කිසිම මුදලක් වැය වෙන්නේ නෑ. 
ඒ වගේම මේ කාඩ් එක ඉල්ලුම් කලාම ගෙදරටම එවනවා සති දෙකක් ඇතුලත. 
ඒ විතරක් නොවෙයි ඔබේ ගිණුමට ඩොලර් 25 ක්  වැටෙනවා. එම මුදල් ලංකාවේ විතරක් නොවෙයි
ලෝකයේ  ඕනෑම ATM යන්ත්‍රයකින් ගන්න පුළුවන්. ඔබ ඔබේ Payoneer ගිණුම හරහා තවත් ඔබේ 
යාලුවෝ යොමු කරාම ඔබේ ගිණුමට ඩොලර් 25 ක් සහ එම යාළුවාගේ ගිණුමට ඩොලර් 25 ක් ද 
වැටෙනවා. ඔබ අන්තර්ජාලය හරහා යම් කිසි ගණුදෙනු කරන කෙනක් නම් මේ කාඩ්එක හරිම වැදගත් 
වෙනවා. ඔබට මේ කාඩ් මගින් ගෙවීම් කරන්නත් යම් ගෙවීමක් තියෙනවා නම් එය ලබා ගන්නත් පුළුවන්.
අන්තර්යාලය හරහා යම් ගෙවීමක් ලබා ගන්න තියෙනවා නම් අදාල වෙබ් අඩවියට ඔබේ මෙම ගිණුම් 
විස්තර ලබාදුන් පසුව ඔවුන් ඔබේ ගිණුමට මුදල් බැර කරනවා. ඉන් පසු ලංකාවේ ඕනෑම ATM යන්ත්‍රයකින් 
මෙම මුදලට ඔබට ලබා ගන්න පුළුවන්. 

ඔබ Absence හෝ වෙනත් Internet money earning ක්‍රමයක් භාවිතා කර මුදල් උපයනවා නම් ඔබට
Paypal ගිණුමක් විවෘත කරන්න අවශ්‍ය වෙන්නේ නෑ.ඔබ අදාල වෙබ් අඩවියට ඔබේ 
මෙම  Payoneer ගිණුමේ විස්තර ලබාදෙන්න පමණයි තිබෙන්නේ.

01.  රෙජිස්ටර් වෙන්න පහත ලින්කුව ක්ලික් කරන්න.

- https://share.payoneer.com/nav/Zxe1HYwwVSUsKRjbgCAaldqtOSbn0OgICdJthRrfy-kHP5sFTaYE7kA7ic8oNa3m2RNKr-aRlmrGRAfU_Ek5sg2

02.sign up now බොත්තම ක්ලික් කරන්න.


පින්තූරය පැහැදිලි නැත්නම් පින්තූරය මත ක්ලික් කරන්න.

03.Prepaid master Card යන වරණය තෝරන්න. ඉන් පසු Next බොත්තම ඔබන්න.


පින්තූරය පැහැදිලි නැත්නම් පින්තූරය මත ක්ලික් කරන්න.

04. ඔබගේ නම, වාසගම, ඊ මේල් ලිපිනය, නැවත ඊමෙල් ලිපිනය, උපන් දිනය යන විස්තර ඇතුලත් කරන්න. 
හැබැයි මේ විස්තර සත්‍ය ඒවා වෙන්න ඕනෑ. ඊට පස්සේ Next බොත්තම ඔබන්න.
පින්තූරය පැහැදිලි නැත්නම් පින්තූරය මත ක්ලික් කරන්න.

05. ඔබගේ රට, ගෙදර ලිපිනය සහ ලංකාවේ පෝස්ටල් කෝඩ් එක (ලංකාවේ 01500) සහ 
ජංගම දුරකථන අංකය ඇතුලත් කරන්න. හැබැයි මේ විස්තර සත්‍යම ඒවා වෙන්න ඕනෑ. 
නැත්නම් ඔබගේ කාඩ් එක වැරදි ලිපිනයකට යන්න පුළුවන්. ඊට පස්සේ Next බොත්තම ඔබන්න.
පින්තූරය පැහැදිලි නැත්නම් පින්තූරය මත ක්ලික් කරන්න.

Sri lanka postal/zip code is 01500 
(if you don't know the your country postal/zip code search in google like this 
"international zip code of sri lanka")

පින්තූරය පැහැදිලි නැත්නම් පින්තූරය මත ක්ලික් කරන්න.

06.ඔබ, ඔබගේ  Payoneer ගිණුමට ඇතුලත් වීමට භාවිතා කිරීමට බලාපොරොත්තුවන රහස්‍ය තොරතුරු
ඇතුලත් කරන්න. එසේම ඒ විස්තර ලියා තබාගන්නවා නම් හොඳයි.  ඊට පස්සේ Next බොත්තම ඔබන්න.


පින්තූරය පැහැදිලි නැත්නම් පින්තූරය මත ක්ලික් කරන්න.


07.



අමතර - ඔබට පසු පිටුවට ආපසු යන්න ඕනෑ නම් මේ ඊ හිස මත ක්ලික් කරන්න.
පින්තූරය පැහැදිලි නැත්නම් පින්තූරය මත ක්ලික් කරන්න.
ඔබ මේ ටික හරියට පුරවලා send කරාම සති දෙකක් අතුලත ඔබට කාඩ්පත තැපෑලෙන් ලැබෙයි. 
ඉන් පසුව ඒ සමග තිබෙන ලිපියේ දක්වලා තියෙන විදිහට කාඩ්පත ඇක්ටිව් කර ගන්න.  
මේ ලින්ක් එකෙන් ගිහින් ඇක්ටිව් කර ගන්න විදිහ බලන්න https://www.payoneer.com/HowTo.aspx#anch-b
Then You can activate the card according to instruction produce with the card (Over the internet or by phone)
(ඔයාගේ යාළුවා තවත් යාළුවෝ හතර දෙනෙක් යොමු කරලා $ 100 ක් උපයා ගත්තාම ඔයාටයි යාළුවාටයි දෙන්නටම $25 ක් ලැබෙනවා. කාටවත් සත පහක්වත් වියදම් යන්නේ නෑ. Form ටික හරියට පුරවලා යවන්න විතරයි තියෙන්නේ. ( After your friend signs up and receives a total of $100, you both earn a $25 reward. By referring a friend to Payoneer, you accept our Terms & Conditions. For more details, please see our FAQs.)


ඔබට මේ ලිපිය වැදගත් වුනාද? ඔව් නම් ශේයාර් කරන්න.

How to get a payoneer international debit master card totally free


How to get a payoneer international debit 

master card forTotally free




01.  To register click  this  Logo or link below

- https://share.payoneer.com/nav/Zxe1HYwwVSUsKRjbgCAaldqtOSbn0OgICdJthRrfy-kHP5sFTaYE7kA7ic8oNa3m2RNKr-aRlmrGRAfU_Ek5sg2


If the images not clear click on it to large.

02.Click "sign up now" button .


If the images not clear click on it to large.


03. select (tick) Prepaid MasterCard® Card option button & then click SING UP button.


If the images not clear click on it to large.

04. enter your valid details and then click next button (example: email address must be active because payoneer send email for that account)


If the images not clear click on it to large.


05. enter you contact details & click next.  it must be your mail (pots) details. because payoneer send the card for that address.


If the images not clear click on it to large.


Sri lanka postal/zip code is 01500 (if you don't know the your country postal/zip code search in google like this "international zip code of sri lanka")


If the images not clear click on it to large.


06. enter your security details & click next.


If the images not clear click on it to large.



If you go back click this arrow

If the images not clear click on it to large.

once you get finish you will receive your payoneer card within two week like this. 
Then You can activate the card according to instruction produce with the card (Over the internet or by phone)
(After your friend signs up and receives a total of $100, you both earn a $25 reward.

By referring a friend to Payoneer, you accept our Terms & Conditions. For more details, please see our FAQs.)





Was this article helpful? if yes please Share

Thursday, November 12, 2015

Windows Desktop Snow Fall software


Get Christmas Gift


Like, Comment, Share කරලා සල්ලි හොයන සූත්තරේ......

Like, Comment, Share කරලා සල්ලි හොයන සූත්තරේ......



අපි හැමෝම facebook, twitter, Google+ එහෙම පාවිච්චි කරන්න ගොඩක් කැමතියිනේ. ඒ වගේම අපි ඒවගේ දාන http://post.photo වලට එහෙම අපේ යාළුවො like,comment,share කරනවා වගේම අපිත් යාලුවන්ගේ post,photo වලට like,comment,share කරනවනේ. නිකමටවත් හිතුවද අපි අපේ data වියදම් කරන කරන මේ වැඩ වලින් පෝසත් වෙන්නේ ඒ ඒ වෙබ් අඩවි කියලා. අද අපි මේ කියන්න යන්නේ අපි like comment share කරන ඒවගෙන් වගේම අපිට ලැබෙන like comment share වලින් අපිට ආදායමක් ලබාගන්න හැටි කියන්න.

හැබැයි මේක fb නම් නෙවේ... ඒ වුනාට තනිකරම fb වගේම තම වැඩකරන්නේ. මේකේ දැනට ලංකාවේ අය ලක්ෂ ගානක් ඉන්නවා. ඒත් මේකේ විශේෂත්වය මේකට සම්බන්ධ වෙන්න ඔයාට දැනට මේකේ ඉන්න යාලුවෙක්ගෙන් invite එකක් ඕනෙම කරනවා. ඉස්සර මේ site එක mobile phone වලින් යන්න බැරි උනාට දැන් පුළුවන්. ඒ නිසා මේක දැන් ගොඩක් ප්‍රචලිතයි. මේකේ වැඩ වෙන හැටි ගැන අමුතුවෙන් කියන්නේ නෑ. මොකද fb වගේම තමා...photo, post එව්වා මෙව්වා ඕනේ දෙයක් දාන්න පුළුවන්...

මේකෙන් ආදායම එන්නේ මෙහෙමයි.. අපි මෙකට දාන post/photo වලට ලැබෙන like comment share වලට වගේම අපි like comment share කරන එවටත් මුදල් ලැබෙනවා. හැබැයි ඉතින් මුලින්ම මේකට ගිය දවසෙම සල්ලි හම්බවෙන්නේ නෑ. සතියක් දෙකක් භාවිතා කරන්න ඕනේ. එහෙම කරන්න බැරි කමක් නෑ. මොකද fb එකේ තියෙන ආතල් ඔක්කොම මේකෙත් ගෙඩිය පිටින්ම තයෙනවා. ඒ වගේම අපිට තව මේකට යාළුවො එකතු කරලා දුන්නමත් ගානක් ලැබෙනවා. වැඩේට set වෙන්න නම් invite එකක් ඕනෙම කරනවා.
ලැබෙන ආදායම් බැංකු ගිණුමකට ගෙන්න ගන්නත් පුළුවන්...

එහෙනම් ඉතින් facebook එකට ආයුබෝවන් කියලා මේ අලුත් වැඩේට අත ගහමු... ලංකාවේ යාළුවො ගොඩක් ඉන්නවා, පහලින් දීලා තියෙන link එකෙන් ගිහින් එයාලවත් add කරගෙන වැඩේ කරන යන්න. තව දෙයක් ඔයාලත් තව මේකට කට්ටිය එකතු කරන්න. තමන්ගේ රටේ කට්ටිය වැඩි වෙන්න වැඩි වෙන්න තමා හැමෝටම වාසි.. (ඉන්දියන් කාරයෝ නම් දැනටත් වැහි වැහලා)



හරි එහෙනම් ඉතින් මෙතනින් ගිහින් තොරතුරු දීලා ලියාපදිංචි වෙන්න...>>> Register Now

referrer shortcode  එක මකන්න එපා. එහෙම වුනොත් රෙජිස්ටර් වෙන්න බෑ. Don't delete referrer shortcode







Wednesday, November 11, 2015

How to find virus site - ඔබේ අවසරයකින් තොරව පරිගණකය හා සම්බන්ධ වී සිටින වයිරස් සහිත වෙබ් අඩවි සොයා ගන්නා ක්‍රමය.




ඔබ අන්තර්ජාලය හා සම්බන්ධ වී සිටින අවස්ථාවල දී ඔබ නොදැනුවත්ව හෝ ඔබේ අවසරයකින් තොරව සමහර වයිරස් සහිත වෙබ් අඩවි ඔබේ පරිගණකයේ ස්ථාපිත විය හැකිය. එවිට ඒවා ඔබගේ පරිගණකය තුළ ස්වංක්‍රීයව සක්‍රීය වී පරිගණකයේ ක්‍රියාකාරිත්වය අඩුකරනවා පමණක් නොව ඔබේ පරිගණකයේ තිබෙන රහසිගත තොරතුරු ලබා ගැනීම හා ඒවා වෙනත් පරිගණක වෙත යොමු කර විවිධ නීති විරෝධී කටයුතු සඳහා භාවිතා කිරීමට ද ඉඩ තිබේ. 

මෙසේ පැමිණෙන වයිරස් සහිත වෙබ් අඩවි වලට සහ වයිරස් වලට අප Malware, Spyware, Adware යයි කියනු ලබනවා.
Malware යනු ඔබේ පරිගණකයේ ක්‍රියාකාරිත්ව අඩපණ කිරීමට සහ දෝෂ ඇති කිරීමට සමත් මෘදුකාංග වර්ගයන් වේ. (software which is specifically designed to disrupt or damage a computer system.

Spyware යනු ඔබගේ වටිනා රහසිගත තොරතුරු ආදිය සොර ගන්නා සහ ඒවා වෙනත් වෙබ් අඩවි වලට යොමු කරනු ලබන වයිරස් වේ.(software that enables a user to obtain covert information about another's computer activities by transmitting data covertly from their hard drive

Adware යනු ඔබ අන්තර්ජාලයේ සැරිසරන විට අනවශ්‍ය ආකාරයට දැන්වීම් ප්‍රචාරය කරන වයිරස් වර්ග වේ. (software that automatically displays or downloads advertising material such as banners or pop-ups when a user is online)

ඔබ නොදැන සිටියත් මෙම වයිරස් වර්ග වෙනත් වෙබ් අඩවි සමග රහසේ සම්බන්ධ වී සිටිය හැකි නිසා ඔබේ පරිගණකයේ අන්තර්ජාල වේගය අසාමාන්‍ය ලෙස අඩු කිරීමට සමත් වෙනවා. අප අද පැහැදිලි කරනු ලබන්නේ මෙසේ ඔබගේ පරිගණකයේ ස්ථාපනය වී ක්‍රියාකාරී වෙමින් පවත්නා වෙබ් අඩවි සොයා ගන්නා ආකාරය ගැනයි.

(මේ අවස්ථාවේදී ඔබගේ පරිගණකය Internet හා සම්බන්ධ කර තිබිය යුතුයි.)

1. පියවර
මුලින්ම ඔබගේ පරිගණකය  administrator ලෙස Run කල යුතුයි. ඔබ Account කිහිපයක් භාවිතා කරනවා නම් administrator හරහා Log විය යුතු වෙනවා. ඉන් පසුව Start Menu ක්ලික් කර ඉන් පසුව search programme and file යනුවෙන් සඳහන් ස්ථානයේ කර්සරය තබා cmd යනුවෙන් ටයිප් කල විට උඩින්ම cmd යනුවෙන් පැමිණෙන ස්ථානයේ Right click කර මතුවෙන Pop up menu එකෙන් Run as Administrator තෝරන්න. (පහත දැක්වෙන පින්තූරයේ පරිදි)

2. පියවර
ඉන් පසුව Do you want to allow... යනුවෙන් අලුත් වින්ඩෝවක් පැමිණිය හොත් එය OK කරන්න. දැන් ඔබගේ පරිගණකය Command prompt එකට පැමිණ ඇත. (Dos Mode) දැන් එම ස්ථානයේ පහත දැක්වෙන විධානය ඒ ආකාරයෙන්ම Type කර Enter කරන්න. (netsat යන්නට පසු Space එකක් තැබිය යුතුයි. abf  යන්නට පසුත් space එකක් තැබිය යුතුයි. > සංකේතයට දෙපසින්ම space තැබිය යුතුයි.) පහත රූපය බලන්න.



3. පියවර
දැන් ඔබ කිසිත් නොකර විනාඩි දෙකක් පමණ සිටින්න. ඒ කාලය තුළ ඔබගේ පරිගණකය අන්තර්ජාලය හා සම්බන්ධ වී සිටින සියලුම වෙබ් අඩවි පටිගත කර ගනු ලබයි. විනාඩි දෙකකට පසුව Ctrl + C යන යතුරු දෙක එකවර ඔබා පටිගත වීම නවතන්න.

4. පියවර
එසේ පටිගත වු වෙබ් අඩවි සහිත විස්තර දැන ගැනීම සඳහා Command prompt එක තුලම activity.txt යනුවෙන් type කර enter කරන්න. දැන් ඔබ මුල් විධානය ඇතුලත්කර සිටි විනාඩි දෙක තුල අන්තර්ජාල සම්බන්ධතාවය පැවැත්වු වෙබ් අඩවි වල විස්තරයක් දැක්වේ. පහල පින්තූරය බලන්න.


5. පියවර
එම විස්තරය තුල ඔබ නොදන්නා හඳුනාගත නොහැකි වෙබ් ලිපින තිබේ නම් ඒවා Google හි search කර බලන්න. එසේම ඒවා හානිකර වෙබ් අඩවි වශයෙන් පෙනේ නම් Google හි "how can i block a website" යනුවෙන් Type කර අවශ්‍ය විසඳුම තෝරා ගන්න.

නමුත් ඉහත අප සිදු කල සියලු   දෑ කිරීමට ඔබට Command prompt එක භාවිතය පිළිබඳ සුළු හෝ දැනුමක් අවශ්‍ය වෙනවා. නමුත් පහත දැක්වෙන CurrPorts නම් කුඩා මෘදුකාංගය භාගත කර ගැනීමෙන් ඉහත පියවර 1 සිට 4 දක්වා පහසුවෙන් සිදු කර ගත හැකිය. පහත දැක්වෙන පරිදි එය භාගත කර ගන්න.

මෙතැනින් භාගත කර ගන්න.







එම මෘදුකාංගය ස්වංක්‍රීයව භාගත වන්නේ පහත පින්තූරයේ දැක්වෙන ස්ථානයේය. එම Zip File එක unzip කර ඉන් පසුව පියවර 5 ක්‍රියාත්මක කර බලන්න.


 මෙතැනින් භාගත කර ගන්න.




Thursday, November 5, 2015

Awesome photos for FB Comments - FB Comments සඳහා මේ පින්තූර ඔබටත් අවශ්‍ය වේවි.



















ප්ලාස්ටික් ගැන ඔබ දැනගත යුතු කරුණු......

 ප්ලාස්ටික් වර්ග හදුනාගන්නේ කෙසේද ? ප්ලාස්ටික් ගැන ඔබ දැනගත යුතු කරුණු......



ප්ලාස්ටික් නිපදවන්නෙ විවිධ රසායනික ද්‍රව්‍ය උපයෝගී කරගෙන. ඒ නිසා සමහර වෙලාවට මේවා අපේ සිරුරට බෙහෙවින් අහිතකර වෙන්නත් පුලුවන්. එහෙත් ප්ලාස්ටික් කියන වචනය ඇතුලෙ විවිධාකාර ප්ලාස්ටික් වර්ග තියෙන නිසා කුමන වර්ගයේ ප්ලාස්ටික්ද අනතුරුදායක හෝ අනතුරුදායක නැත්තෙ කියන කාරණය ගැන බොහෝ දෙනෙකුට හොද වැටහීමක් නෑ.

එහෙම කියලා කණගාටු වෙන්න කාරණයක් නෑ . ඔබ දැන සිටිය යුතු බොහොමයක් කාරණා මේ ලිපිය කියවලා අද සිට හෝ දැනගන්න ඔබට හැකියාව ලැබේවි.

ප්ලාස්ටික් නිෂ්පාදකයො තමන්ට අවශ්‍ය මුහුණුවර ප්ලාස්ටික් වලින් මතුකරගන්න නිෂ්පාදනයේදී භාවිතා කරන අමුද්‍රව්‍ය, එහෙමත් නැත්තං රසායනික ද්‍රව්‍ය එකිනෙකට වෙනස්. ප්ලාස්ටික් වලින් වැඩි නම්‍යශීලී ගතියක් අවශ්‍ය විට යොදන රසායනිකයන් නෙමෙයි ශක්තියෙන් වැඩි ප්ලාස්ටික් නිපදවන්න යොදාගන්නෙ, නිෂ්පාදන වියදම හැකිතාක් අඩුකරගෙන නිෂ්පාදන ක්‍රියාවලිය පවත්වාගෙන යන්න වලි කන නිෂ්පාදකයා පාව්චිචි කරන්නෙ ඔය දෙකටම අයිති නැති වෙනස්ම රසායනිකයන්.

මේ තියෙන්නෙ ඒවාට උදාහරණ phthalates, bisphenol A (BPA), polybrominated diphenyl ethers (PBDE) and tetrabromobisphenol A (TBBPA) මේවා පොදුවේ හදුන්වන්නෙ endocrine-disrupting compounds (EDCs) යන නමින්. එයට පොදු අරුතක් දෙනවා නම් මිනිසා ඇතුලු ක්ෂීරපායී සතුන්ගේ ග්‍රන්ථි ආශ්‍රිත පද්ධතියට සහ හෝමෝන ක්‍රියාකාරීත්වයට බාධා පමුණුවන සංයෝග ලෙසත් හදුන්වන්න පුලුවන්. සමහර රසායනික ද්‍රව්‍ය පිළිකා අවධානම ඇති කරනවා, තවත් සමහරක් රසායනික ද්‍රව්‍ය මිනිස් සිරුරට අහිතකර ඛණිජ ලවන (Toxic Metal) වලින් සමන්විත ඒවා. විශේෂයෙන් BPA රසායනිකය ඊස්ට්‍රජන් හෝමෝනය හා සමානව ක්‍රියාකරන්නක්.

කෑම වර්ග අසුරන්න, බීම වර්ග දාන්න, බෙහෙත් වර්ග ගබඩා කරන්න, පොඩි දරුවන්ට සෙල්ලං කරන්න ලබාදෙන ක්‍රීඩා භාණ්ඩ වල ඉදලා අභ්‍යාවකාශ යානා වල ඇතැම් කොටස් සැකසීම දක්වා වූ විශාල වපසරියක් ඇතුලෙ පලාස්ටික් නිෂ්පාදන විසිරිලයි තියෙන්නෙ.  ඉහත විස්තරය කියවලා ඔබ මොහොතකට හෝ ප්ලාස්ටික් වලින් සිදුවිය හැකි හානිය ගැන හිතලා කණස්සල්ලට පත්වෙන්න ඇති.

එහෙත් සතුටුදායක ආරංචිය තමයි මේ ප්ලාස්ටික් නිෂ්පාදන ඒ ඒ වර්ග අනුව සංඛේත අනුසාරයෙන් නම් කර තිබීම. ඒ අනුව අපේ අවශ්‍යතාවට වඩා ගැලපෙන ප්ලාස්ටික් උපකරණය අඩු අවධානමක් යටතේ මිළදී ගන්න අපිට හැකියි. ඒ සදහා පහත විස්තරය බොහොම වටිනවා. ඒ අනුව 1 සිට 7 දක්වා අංක යෙදූ සංඛේත 7ක් මගින් තමයි සියලුම ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග කර තිබෙන්නෙ. බොහෝ විට මේ සංඛේත සටහන් කර තිබෙන්නෙ ඔබ මිළදී ගන්නා ප්ලාස්ටික් නිෂ්පාදනයේ යට පැත්තට වෙන්න.

Plastic #1: Polyethylene Terephthalate (PET)

පෙට් බෝතලය යනුවෙන් සමහර පැණි බීම වෙළද දැන්වීම් වලත් ඔබ අසා ඇති. ඒ මෙවැනි වර්ගයේ ප්ලාස්ටික් වලින් නිපදවූ බෝතල් තුල ඒවා ඇසුරුම් කර තිබෙන නිසා බව දැන්  ඔබ දන්නවා.  මේ ප්ලාස්ටික් විශේෂය විනිවිද පෙනෙන සුලුයි. ප්‍රතිචක්‍රීකරණයත් පහසුයි.












මේ වර්ගයේ ප්ලාස්ටික් බෝතල් තුල පානීය ජලය, පැණී බීම , ශක්තිජනක පාන , බියර්, මුඛ සේදුම් දියර, සෝස්, ආදිය ඇසුරුම් කිරීමට වගේම මේ අමුද්‍රව්‍ය වලින් සැකසූ ප්ලාස්ටික් භාජන තුල රටකජු බටර්, ජෙලි, ජෑම්, අච්චාරු ආදි නිෂ්පාදන ඇසුරුම් කිරීමටත් යොදා ගන්නවා. 

මේ ප්ලාස්ටික් වර්ගය තැනීම සදහා යොදාගන්නා රසායනික ද්‍රව්‍ය අධික තාපයට හෝ හිරු එළියට බෝතලය නිරාවරණය වීමේදී / බොහෝ කාලයක් ගබඩා කර තැබීමේදී ක්ෂය වීමට පටන් ගන්නා හෙයින් ඔබ පානීය ජල බෝතලයක් හෝ වෙනත් බීම වර්ගයක් මිළදී ගන්නා අවස්ථාවේදී ඒවා ගබඩා කර තිබෙන ස්ථානය අවට පරිසරය දෙස මදක් අවධානයෙන් බලන්න. 

අද සමාජයේ බොහෝ දෙනා මෙවැනි බෝතල් කාර්යාලයේ හෝ තමන් නිතර යනෙන වාහනයේ තබාගෙන එදිනෙදා පානිය ජලය රැගෙන යාමට යොදාගන්නවා මා දැක තිබෙනවා. නමුත් මේ වර්ගයේ ප්ලාස්ටික් බෝතල් නැවත නැවත භාවිතයට සුදුසු නෑ. එක්වරක් භාවිතා කර ඉවත් කරන පරමාර්ථයෙන් තමයි ඒවා නිපදවා තිබෙන්නෙ. 

Plastic #2: High Density Polyethylene (HDPE)














මේ වර්ගයේ ප්ලාස්ටික් නිෂ්පාදන තුල කිරි, පානීය ජලය, පළතුරු යුෂ වර්ග, රූපලාවන්‍ය නිෂ්පාදන, ෂැම්පු වර්ග, සේදුම්කාරක, ගෘහාශ්‍රිත පිරිසිදු කිරීමේ නිෂ්පාදන, ග්‍රොසරි බෑග්, ධාන්‍ය වර්ග  ආදී බොහෝ දෑ වෙළදපලට එනවා.

අඩු අවධානමක් සහිත ප්ලාස්ටික් විශේෂයක් ලෙසයි මේ වර්ගය අතීතයෙදි සලකනු ලැබුවෙ. නමුත් 2011 වසරෙ කරන ලද නවතම පරීක්ෂණ මගින් අනාවරණය වී තිබෙන්නේ මේ වර්ගයේ ප්ලාස්ටික් තුල අඩංගු රසායනික ද්‍රව්‍ය හේතුවෙන් කුඩා බිලිදුන්ගේ සහ කුඩා දරුවන්ගේ ශරීරයන්හි සෛල සැකැස්මේ වෙනස් වීම් ඇතිවීමට සම්භාවිතාවක් ඇති බවයි. මේ විශේෂය යම් වර්ණයක් සහිතව නිෂ්පාදනය වන විනිවිද පෙනෙන ස්වභාවය නොමැති වර්ගයක්. ප්‍රතිචක්‍රීකරණය පහසු නෑ.

Plastic #3: Polyvinyl Chloride (PVC)


PVC අකුරු 3 දුටු පමණින් මේ ප්ලාස්ටික් විශේෂය ඔබ හදුනන බව මම දන්නවා. විශේෂ හැකියාවන් රාශියක් ඇති මේ ප්ලාස්ටික් වර්ගය නැමෙන සුලු ලෙස වගේම නොනැමෙන යන දෙආකාරයෙන්ම නිපදවන්න හැකියාව තියෙනවා. අපට අද ලිපිය තුල හමුවන හානිදායක අගයෙන් වැඩිම ප්ලාස්ටික් විශේෂයද මෙයයි. බෙහෙත් පෙති ඇසුරුම්,විවිධ ඉලෙක්ට්‍රොනික උපාංග ඇසුරුම්, පයිප්ප, ඇද ආවරණ කවර, ඇසුරුම් සදහා යොදාගන්නා ඝනකමින් වැඩි පොලිතින්, කෘතිම හම්, ජලයේ පාවෙන සෙල්ලම් බඩු, මේස ආවරණ රෙදි, කර්ටන්, වයර් ආවරණ, මස් වර්ග හා චීස් විකිණීමේදී යොදා ගන්නා ඇතැම් ආවරණ මේ වර්ගය භාවිතයෙන් නිපදවයි. රසායන ද්‍රව්‍ය වලට වගේම දැඩි හිරු රෂ්මියටත් ඔරොත්තු දීමේ අපූරු හැකියාවක් මේ ප්ලාස්ටික් විශේෂය සතුයි. පිළිස්සීමේදී පිළිකා කාරක දෑ පරිසරයට මුසු වෙන්න හැකියාව තියෙන නිසා එසේ කිරීමෙන් වැළකීම නුවනට හුරුයි.


Plastic #4: Low Density Polyethylene (LDPE)












එදිනෙදා ජීවිතයේදී අප භාවිතා කරන ෂොපින් බෑග්, පාන්, ශීතකල ආහාර ද්‍රව්‍ය අසුරා ඇති කවර, එළවළු හා පළතුරු ඇසුරුම්, අපද්‍රව්‍ය බහාලන කවර, විවිධ භාජන වැසීමට නිපදවූ ආවරණ (පියන්), සෙල්ලම් බඩු, CD හා DVD කවර, පරිගණක දෘඩ තැටි ආවරණ, මිරිකීමෙන් ඇතුලත ඇති ද්‍රව්‍ය ලබාගත හැකි ඇසුරුම්, ආදිය මේ ප්ලාස්ටික් වර්ගය භාවිතයෙන් නිපදවනවා. අඩු අවධානමක් සහිත ප්ලාස්ටික් විශේෂයක් ලෙසයි පිළිගැනෙන්නේ.

Plastic #5: Polypropylene (PP)













යෝගට් හා මාගරින් ඇසුරුම්, බෙහෙත් බෝතල්, ඒ සදහා අවශ්‍ය පියන්, සිරප් සහ සෝස් වර්ග අසුරනයන්, කෑම පෙට්ටි, විද්‍යාගාර උපකරණ මේ වර්ගයේ ප්ලාස්ටික් වලින් නිපදවයි. ආරක්ෂිත ප්ලාස්ටික් විශේෂයක් ලෙස පොදුවේ පිළිගැනේ. උණුසුමට ඔරොත්තු දෙයි.


Plastic #6: Polystyrene (PS)














මේ වර්ගයේ ප්ලාස්ටික් නිෂ්පාදන බොහෝ විට හමුවෙන්නෙ ආහාර සම්බන්ධ සේවා පැවැත්වීමට අවශ්‍ය උපාංග විදියට. කෝප්ප, පිගන්, හැදි, ගෑරුප්පු, වාණිජව කෑම පාර්සල් අළෙවි කරන අය කෑම බහාලන පෙට්ටි, මස් හා ඒ ආශ්‍රිත වෙනත් නිෂ්පාදන තබන තැටි, බිත්තර රදවන, යෝගට් කෝප්ප, ශක්තිමත් ආහාර අසුරනයන් වගේම කොයි කා අතරත් ජනප්‍රිය සෘජුෆෝම් නම් නිෂ්පාදනයත් මෙයට අයත්. styrene නම් පිළිකාකාරක අමුද්‍රව්‍ය මෙහි අඩංගු නිසා තවමත් දිගින් දිගටම පරීක්ෂණ කටයුතු සිදු වෙනවා. භාවිතය හැකි තරම් අවම කිරීම නුවනට හුරුයි.

Plastic #7: Other













සරළව කියනවා නම් ඉහත කිසිම වර්ග කිරීමකට අයත් නැති ප්ලාස්ටික් විශේෂයන් වෙනත් යන ඛාණ්ඩය යටතේ මෙහි වර්ගීකරණය වෙයි. ලීටර් 3 හා එයට  ඉහළ ධාරිතාවේ ජල බෝතල්, ඇතැම් පළතුරු යුෂ වර්ග හා සෝස් වර්ග අඩංගු බෝතල්, එළවළු පළතුරු කූඩ, සෙරෙප්පු, පුටු හා ගෘහ උපකරණ මේ යටතට එක් කල හැක. ප්‍රතිචක්‍රීකරණය කල නොහැකි ප්ලාස්ටික් මෙන්ම ස්වභාවික අමුද්‍රව්‍ය මගින් නිපදවන දිරාපත් වන ප්ලාස්ටික් විශේෂද වෙනත් යන ඛාණ්ඩය යටතේ තිබේ.
මා ඉහතින් සදහන් කල bisphenol A (BPA) නම්  රසායන ද්‍රව්‍ය මේ ඛාණ්ඩයේද ඇතැම් නිෂ්පාදන තුල දැකිය හැකි නිසා ඒවා දිගින් දිගටම භාවිතය අහිතකර විය හැක.

මෙතෙක් වේලා මා ඔබට ඉදිරිපත් කලේ ප්ලාස්ටික් සම්බන්ධයෙන් ලොව වඩාත්ම පිළිගැනීමක් ඇති සංඛේත පිළිබද තොරතුරු. අපි දැන් මේ සියලු කරුණු සාරාංශ කරමු. ඒ අනුව  ඔබ හැකි තරම් භාවිතයෙන් ඈත් විය යුත්තෙ 7#  3#  6#  යන ප්ලාස්ටික් විශේෂ. ඒ අතරිනුත් 3 වෙනි වර්ගය තමයි බොහොම හානිදායකයි කියලා කියන්නෙ.

ඇත්ත වශයෙන්ම ප්ලාස්ටික් මගින් මිනිස් සිරුරට විය හැකි හානි පිළිබද තවමත් නිසි තක්සේරුවක් 100% කරන්න හැකියාවක් ලැබිලා නෑ. විද්‍යාඥයන් මෙතෙක් කර ඇති සියලුම වාගේ පරීක්ෂණ මිනිස් සිරුරට සමාන ශරීර සැකැස්මක් ඇති සතුන් යොදා හෝ එවැනි සැකැස්මක් කෘතිමව සකසා සිදු කල ඒවා. කවදාවත් ජීවතුන් අතර සිටින මිනිසෙකු මෙවැනි පරීක්ෂණ සදහා යොදා ගෙන නැති බවයි අන්තර්ජාලයේ සදහන් වෙන්නෙ. ඒ නිසාම හැකි හැම විටම ප්ලාස්ටික් භාවිතයෙන් ඈත් වෙලා වීදුරු/යකඩ/දැව හෝ කඩදාසි (Paper Plates, Paper cups) යන අමුද්‍රව්‍ය මගින් නිෂ්පාදිත උපකරණ භාවිතයට උත්සාහ කිරීම නිරෝගී ජීවිතයක් අපේක්ෂා කරන ඔබට යහපත් පිටිවහලක් සපයාවි.

පානිය ජලය දිනපතා රැගෙන යාමට අඩුම තරමේ වර්ගීකරණයේ 3 ට ඉහළ ප්ලාස්ටික් වර්ගයක් යොදා නිපදවූ භාජනයක් යොදා ගන්න. නමුත් ඒ සදහා වීදුරු බෝතලයක් පරිහරණය හැම අතින්ම සුභ දායකයි. ඔබ දිනපතා රැකියාවට පිටත් වෙද්දි කෑම අරගෙන යන්නෙ 5 වර්ගයේ ප්ලාස්ටික් වලින් නිපදවූ භාජනයකද බලන්න. උණුසුම් ආහාර රැගෙන යාමට මෙහි ඇති ප්ලාස්ටික් වර්ග අතරින් යොග්‍යම වර්ගය එයයි. එම වර්ගයේ ප්ලාස්ටික් බදුනක් පිටුපස ඇති මේ සලකුණද එයට සාක්ෂියක්. එයින් පැවසෙන්නේද ආහාර පාන රැගෙන යාමට යෝග්‍ය බවයි.


අදින් පසුව යම් අවශ්‍යතාවක් උදෙසා ප්ලාස්ටික් භාජනයක් මිළදී ගැනීමේදී විශේෂයෙන් ආහාර පාන ආදිය ගබඩා කිරීමට නම් ඉහත දැක්වූ සලකුණු අනුව නියම වර්ගය තෝරා ගැනීම ඔබේ පවුලේ හිතසුව පිණිසම වනු ඇති.




උපුටා ගත්තේ මෙතැනින් -  http://siragekamare.blogspot.com/2014/01/blog-post.html

CCTV System